ජීවිත දෙකක් අහිමි කළ නොසැලකිල්ල

කොස්ගම සහ පල්ලෙබැද්ද ප්‍රදේශවවල සිදුවූ අනතුරු දෙදෙකින් තරුණයෙකු සහ 17 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් තිබෙනවා.

අද අලුයම එක් අනතුරක් සිදුවී ඇත්තේ කොස්ගම මිරිස්වත්ත ප්‍රදේශයේදීයි.

පුද්ගලයෙකු යතුරුපැදියක් සමග ප්‍රදේශයේ කාණුවකට වැටී මියගොස් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව කොස්ගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ මෙම තරුණයා අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට පැමිණ ඇති අතර මිරිස්වත්ත ඉන්ධන පිරවුම්හල අසලදී යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අසල තිබූ කාණුවට යතුරුපැදිය ද සමග ඇද වැටී ඇති බවටයි.

මෙලෙස මියගොසේ ඇත්තේ වග ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙක්.

මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ යතුරුපැදිකරුගේ අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවට අනාවරණ වී ඇති බවයි.

කොස්ගම පොලිසිය අනතුර සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරනු ලබනවා.

මේ අතර පැල්මඩුල්ල නෝනාගම මාර්ගයේ පල්ලෙබැද්ද කළුවරගහ වංගුව අසලදී සිදු වූ අනතුරකින් 17 පිරිමි ළමයෙකු මියගොස් තිබෙනවා.

අද අලුයම වන්දනා නඩයක් රැගෙන ගිය පෞද්ගලික බස් රථයක් රියදුරාට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන අසල කාණුවකට වැටී අනතුර සිදුවී ඇතැයි සඳහන්.

එම අවස්ථාවේ රියදුරු අසුන අසල ඇති එන්ජින් පෙට්ටිය මත සිටි මෙම පිරිමි ළමයා බස් රථයෙන් ඉවතට ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා පල්ලෙබැද්ද රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

ඔහු ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බස් රථයේ රියදුරාගේ අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවට අනාවරණ වී ඇතැයි පොලිසිය සඳහන් කළා.

බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ගොඩකවෙල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අපි ශම්මිව පැන්නුවා"ක්‍රිකට් ආයතනය ඉදිරිපිටට පිරිසක් ජාතික කොඩි උස්සන් ඇවිත් ගත්ත Fun එක
05:31
Video thumbnail
කොටුව දුම්රියපොළ ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් - රුසියාවෙන් දුන්න සහන ගන්නේ නැත්තේ ඇයි ?මොකටද බය ?
06:28
Video thumbnail
වෛද්‍යවරියන්ගේ නාන කාමරවල කැමරා සවිකල 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාට ඇප
02:00
Video thumbnail
වෛද්‍යවරියන්ගේ නාන කාමරවල කැමරා සවිකල 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාට ඇප
02:27
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04