‘ජාතික ලාදුරු සමුළුව’ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ලාදුරු රෝගය මෙරටින් තුරන්කර දැමීමේ ගමනේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජාතික ලාදුරු සමුළුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (06) පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක ද එක් ව සිටියා.

ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා වන මාර්ග සිතියම එළිදැක්වීම මෙහිදී සිදු වුණා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ සසකාවා පදනමේ සහයෝගීතා දායකත්වයෙන් සංවිධානය කර තිබෙන ජාතික ලාදුරු සමුළුව අද (06) සහ හෙට (07) දෙදින කොළඹදී පැවැත් වෙනවා.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දුන්නේ, 1995 වසරේදී ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍යයට තර්ජනයක් නොවන අයුරින් ලාදුරු රෝගය තුරන් කර දැමුවද, එම ගමන තවමත් අවසන් වී නොමැති අතර නව රෝගීන් අඛණ්ඩව හමුවෙමින් පවතින බවයි.

ඒ අනුව, වසරකට ලාදුරු රෝගීන් 1500 – 2000ක් පමණ අලුතින් හඳුනා ගැනෙන බවත්, ඔවුන්ගෙන් 10%ක් පමණ වයස අවුරුදු 10ට අඩු කුඩා දරුවන් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

වසර 2035 වන විට ශ්‍රී ලංකාව ලාදුරුවලින් තොර රටක් බවට පත් කිරීමට වත්මන් රජය සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවත්, රෝගය පැතිර යාමට හේතු වන රෝගින් කල්තියා හඳුනා ගැනීම, රෝහල් පද්ධතිය මගින් රෝගින්ට ලබා දෙන ප්‍රතිකාර සහ පහසුකම් වැඩිදියුණු කිරිම, ආබාධිත තත්ත්වයට පත් වූවන් වෙනුවෙන් විධිමත් පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදිය සිදු කෙරෙන බවත්, මෙම සමුළුව මගින් ලාදුරු රෝගය පැතිර යාමට තිත තැබීමේ ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් වනු ඇතැ’යි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට වඩා එහා ගිය හොරකමක් මේ ආණ්ඩුව කරනවා
08:59
Video thumbnail
භාණ්ඩාගාරයේ තියෙන Unlimited සල්ලිවලින්ද සහන දෙන්නේ..එකෙක් ත්‍රිකුණාමලයේ ගිහින් මල්වතු ඔය හොයනවා
15:07
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44


?