ජාතික පාසල් සහ විද්‍යාපීඨවල භෞතික සම්පත් සංවර්ධනයට ඉතිහාසයේ වැඩිම මුදල් 2026 දී – අගමැතිනිය

2026 වර්ෂය සඳහා වෙන් වූ අයවැය මුදලින් ජාතික පාසල් සහ විද්‍යාපීඨ සංවර්ධනය සඳහා ඉතිහාසය තුළදී වෙන්වූ වැඩිම මුදල ලෙස රුපියල් බිලියන 13.5 ක මුදලක් වෙන්කර ඇති බවත්, එමෙන්ම පාසල් අලුත්වැඩියා කටයුතු සඳහාද රුපියල් බිලියන 5ක් වෙන්කර ඇති බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

එසේම දරුවකුට ආදරය, රැකවරණය සහ සුරක්ෂිතතාව ලබාදෙන සුවිශේෂී ස්ථානයක් බවට පාසල පත් කිරීමේ වගකීම රජයක් ලෙස අප ඉතා විශ්වාසයකින් යුතුව බාරගන්නා බවත් ඇය ප්‍රකාශ කළා.

ඊයේ (02) ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී බස්නාහිර පළාත් ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සහ ධාරිතා සංවර්ධන වැඩසටහන සඳහා පැමිණ සිටි බස්නාහිර පළාතේ ජාතික පාසල්වල විදුහල්පතිවරුන් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී අමාත්‍යාංශ චක්‍රලේඛයන්ට අනුව පාසල් වැඩකටයුතු පවත්වාගෙන යාම සහ මූල්‍ය විනිවිදභාවයකින් යුතුව පාසල් සංවර්ධන ව්‍යාපෘති ඇතුළු පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම්වත් කිරීම් බස්නාහිර පළාත් විදුහල්පතිවරුන්ට ලබාදීම සිදුවුණා.

එසේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම්වලට අනුව පාසල් පරිසරය හැඩගැස්වීම සඳහා වූ අවබෝධයද ඔවුන්ට ලබාදීම සිදු කරනු ලැබුවා.

මෙහිදී පාසල් කටයුතු පවත්වාගෙන යෑමේදී මුහුණපෑමට සිදුවන ප්‍රායෝගික ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යවරිය හමුවේ අදහස් ප්‍රකාශ කිරීමට පැමිණ සිටි විදුහල්පතිවරුන්ට අවස්ථාව හිමිවුණා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නායකත්වය දරන පිරිසක් ලෙස විදුහල්පතිවරුන් සිදුකරන කාර්යභාරයේ ඇති වගකීම් සහගත බව රජයක් ලෙස අප හොඳින් අවබෝධ කර සිටින බවත්, ඕනෑම අර්බුදකාරී තත්ත්වයකදී පවතින සම්පත් කළමනාකරණය කරමින් පාසල් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ඔවුන් විසින් සිදුකරන කැපකිරීම අගය කළ යුතු බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ කාලයක් තිස්සේ නිර්මාණය වී තිබූ අර්බුද හා ගැටලු හේතුවෙන් පැන නැගුණ ප්‍රශ්න සමස්තයක් ලෙස අවබෝධ කර ගනිමින්, සැමටම වරප්‍රසාද හිමිවන පරිවර්තනීය මාවතකට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය යොමුකරලීම සඳහා රජයට තිරසාරාත්මක සැලසුමක් ඇති බවද මෙහිදී ඇය කරුණු දක්වනු ලැබුවා.

එසේම ගුරු බඳවාගැනීම් සම්බන්ධ නඩු තීන්දුවට අනුව ගුරුවරුන් 23000ක ප්‍රමාණයක් බඳවාගැනීමට අනුමැතිය හිමිවී ඇති බව කී අග්‍රාමාත්‍යවරිය, මෙම වසර අවසානයේදී ගුරුවරුන් බඳවාගැනීම් සිදුකරන බවත්, ඒ අනුව 2027 වසර වන විට ගුරු පුරප්පාඩු ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකරගත හැකි බවත් ඇය ප්‍රකාශ කළා.

මේ වන විට අරඹා ඇති පාසල් යටිතල පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් සංවර්ධන වැඩසටහන් හැකි ඉක්මනින් නිමාකර සිසුන්ට ඒවා භුක්ති විඳීමට සලස්වා, 2027 වසරේ සිට නව පාසල් සංවර්ධන ව්‍යාපෘති ඇරඹීමට රජය සැලසුම් සකස් කර ඇති බවත් මෙහිදී පාසල් යටිතල පහසුකම් සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියා.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ උණුසුම් තත්ත්වයක් - වග උත්තරකරුවෙක් කොහොමද නඩුවක් ඉල්ලා අස් කර ගන්නේ
05:14
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් සජිත්ට රිදෙන්නම දෙයි
08:32
Video thumbnail
ICC සභාපති පැමිණීම ගැන ක්‍රිකට් කමිටුවෙන් කිව්ව දේ - කණගාටුයි මට, ඇත්තටම දුකයි වැරදි තර්කයක් කියලා
02:25
Video thumbnail
මේකට ඩිමෙන්ශියා..මේ පි## එක්ක මේක කරන්න බෑ - මුන් හිතනවද දන්නේ නෑ ගොවියා කොහා කියලා
09:22
Video thumbnail
"අපි මැ#ණත් මෙතනින් නැගිටින්නේ නෑ"ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක
10:33
Video thumbnail
ඔයාලගේ නායකයා තමයි ප්‍රභාටත් මිනී##න්න ඉගෙන්නුවේ
04:54
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන ජනපතිගෙන් සැර කතාවක් - උස්සන් යන එක අශිෂ්ට ක්‍රියාවක්
02:30
Video thumbnail
අධිකරණ ඇමතිතුමා සජිත්ට දාපු කින්ඩිය
09:53
Video thumbnail
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අවුරුද්දේ අහෝසි වෙනවා - අපි වෙනම පනතක් නිර්මාණය කරනවා
03:24
Video thumbnail
සජිත්ගේ කතාව මැද නැගිට්ට ආණ්ඩුවේ ලොක්කෙක් සජිත්ගෙන් හොඳටම අහගනී
07:06