ජල ගාස්තුව ඉහළ දැමීමේ සූදානමක්

විදුලි ගාස්‌තුව ඉහළ දැමීමට කටයුතු කිරීම හේතුවෙන් ජල ගාස්තුව ද ඉහළ නැංවීමට සිදුවන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා.

ජනතාවට බලපෑමක්‌ නොවන ආකාරයට එම ජල ගාස්තු වැඩිවීම සිදුවන බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ එම යෝජිත සැලැස්ම විපක්ෂ නායක කාර්යාල වෙත ද යවා ඇති බවයි.

විරුද්ධ පක්ෂ ද මේ සඳහා සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි ඔහු සඳහන් කර සිටියේ.

ජල ගාස්තු සම්බන්ධයෙන් ජාතික සමගි බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහ්මාන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාව ගැන මම පසුගිය පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරලා තිබුණා. විදුලි බිල සියයට 66 කින් ඉහළ දමා ඇති බැවින් ජල සම්පාදන අංශය කළමණාකරණය සඳහා වැය වන මුදල රුපියල් මිලියන 425 වෙනවා. මීට අමතරව රුපියල් මිලියන 2,400ක ණය මුදලක් ගෙවනවා. ඊට හේතුව මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීමයි. එය නිවැරදි කිරීම සඳහා පියවරක් ලෙස මෙය සිදු කෙරෙන්නේ. ජනතාවට පීඩාවක් නොවන ආකාරයට ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධව උපදේශක කමිටු රැස්වීමක් හෙට දින පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. පවුලක පස් දෙනෙක් ඉන්නවා නම් ජලය පාවිච්චි කරන්නේ ඒකක 15ක් 20ක් විතරයි.ජල ගාස්තු ඉහළ දැමීමෙන් මොවුන්ට සහ සමෘද්ධි භාවිත කරන්නන්ට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ජල ගාස්තුව වැඩි කිරීමේ අදහස විපක්ෂ නායක කාර්යාලයට ද යවා තියෙනවා. අපිට මිනිස්සුන්ගේ බඩට ගහන්න අදහස් කරන්නේ නැහැ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55