ජලය බෙදාහැරීමට බවුසර් 100කට ආසන්න සංඛ්‍යාවක් යොදවයි

දිවයින පුරා ජලය බෙදාහැරීම සඳහා බවුසර් 100කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඉල්ලුම් කරන පරිදි රෝහල් හා සමාජ සේවා ආයතනවලට ජලය බෙදාහැරීමට කටයුතු කරන බවයි එහි අධ්‍යක්ෂ මේජර් ජනරල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේ

දිස්ත්‍රික්ක 15 ක පුද්ගලයින් දෙලක්ෂ 2500 ක් සදහා ජලය බෙදාහැරීමට කටයුතු කළ බව ද ඔහු පැවසුවේ ය.

වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ජල සැපයුමට ද බලපෑම් එල්ල වී ඇතැයි ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි. පවුල් 200කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වන මහනුවර, අම්බාල ජනපදයේ ජනතාව ද ජල හිඟයෙන් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?