වාහන අපනයන කිරීමට රජය යළි අවසර දුන්න ද එම අවසරය ලැබෙන දිනයේ සිට වාහන මෙරටට ගෙන්වීමට සැලකිය යුතු කාලක් ගතවිය හැකි බව ජපානයේ වාහන අපනයන කරුවන්ගේ සංගමයේ සභාපති ජගත් රාමනායක පවසනවා.
ඔහු පැවසුවේ මෙම තත්ත්වයට හේතුව ශ්‍රී ලංකාවෙන් නිකුත් වන ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙස ජපාන බැංකු පද්ධතිය වෙත මේවන විටත් උපදෙස් ලැබී ඇති නිසා එම තීරණය ආපසු හැරවීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගතවිය හැකි බවයි.
ඒ, හේතුවෙන් යළි ජපානයෙන් වාහන ගෙන්වීමේ දී සැලකිය යුතු කාලක් ගතවිය හැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
“පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට වාහන අපනයන කිරීම සඳහා විවෘත කළ ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙස ශ්‍රී ලංකා රජය ජපාන බැංකු පද්ධතිය වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. මේනිසා මේවන විට ජපානයේ බැංකුවලින් පහසුවෙන් මුදල් නිදහස් කරගැනීමට නොහැකිවේ. ශ්‍රී ලංකාව හෙට යළි වාහන ගෙන්වීම සඳහා අවසර ලබා දුන්නත් මෙම ණයවර ලිපි ක්‍රියාවලිය යළි සක්‍රීය කිරීමට නිල වශයෙන් එම බැංකු පද්ධතිය දැනුවත් කළ යුතුයි. මේ සඳහා යම් කාලයක් ගතවන නිසා ඉක්මනින් යළි වාහන ගෙන්වීමේ හැකියාවක් නැහැ.”
ශ්‍රී ලංකාවේ බොහෝ නීති රීති පැය 24ක් තුළ වෙනස් කෙරෙන බවත්, එවැනි තත්ත්වයන් තුළ මෙවැනි ව්‍යාපාරවල දී බොහෝ අසීරුතා පැන නගින බවයි ඔහු පැවසුවේ.
එමෙන්ම යම් නීතියක් වෙනස් කරන්නේ නම් අද මධ්‍යම රාත්‍රී 12 සිට නොමැතිව යම් නිශ්චිත කාලවකවානුවක් ලබාදී එය සිදුකළ යුතු බව ද ඔහු සඳහන් කර සිටියා.
වර්තමාන වනවිට වාහන අපනයන සඳහා අවසර ලබාදීම වඩාත් උචිත බව දක්වන ඔහු තවදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාව දැනටමත් ඒ සඳහා ප්‍රමාදව කටයුතු කරනු ලබන බවයි.
කොවිඩ් 19 වසංගතයෙන් පසු නවීන වර්ගයේ වාහන ලෝකය පුරා දැකගත හැකි බවත් ශ්‍රී ලංකාව ද මෙවැනි වාහන ආනයනය සඳහා කටයුතු කළ යුතු බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා.
මේ අතර ලබන වසරේ සිට වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවා.














මෙයාලත් මේ තමංගෙ බිස්නස් එක ගැන කතා කරනව මිසක් ඇත්තටම මිනිස්සුන්ට වාහනයක් ගන්න ක්‍රමයක් ගැන කතා කරන්නෙ නෑ.ඉස්සර කතා කරලත් නෑ.ඔය කිසි ප්‍රශ්නයක් නෑනෙ ඉස්සෙල්ලම දැනට විදේශගතව ඉන්න අයට වාහනයක් ගේන්න අවසර දුන්නනං.එතකොට ලංකාවෙ සල්ලි පිටට යන්නෙත් නෑ.ඕන නං ඒ වාහනේට ගෙවිය යුතු බද්දදත් විදේශ මුදල් ඒකකයකින්ම ඉල්ලන්නත් පුළුවන්.එතකොට ලංකාවෙ විදේශ සංචිතත් වැඩි වෙනව.
කැට තියල කියන්නං මේ කට්ටිය එකතුවෙලා ඕකත් අච්චාරුවක් කරනව.අන්තිමට එන වාහනත් ලංකාවෙ තියෙන මුදලටම විකුණනව.
දුප්පත් මනුස්සයගෙ වාහනයක් ගන්න තියෙන හීනය හීනයක්ම වෙලා තියෙයි අන්තිමට