ජනාධිපති ලේකම් හා නෙදර්ලන්ත තානාපති අතර හමුවක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බාක් මහත්මිය (Bonnie Horbach) අතර සාකච්ඡාවක් අද (02) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

නෙදර්ලන්තය සතුව දැනට පවතින ශ්‍රී ලංකාවේ පෞරාණික භාණ්ඩ සහ පුස්කොළ පොත් නැවත මෙරටට ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකා රජය විසින් මෙම කාර්යයේ දී දක්වන ලද සහයෝගය සම්බන්ධයෙන් බොනී හෝර්බාක් මහත්මිය (Bonnie Horbach) ස්තුතිය පළ කළ අතර, දෙරට අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම සඳහා එය වැදගත් අවස්ථාවක් ලෙස සලකන බවද ප්‍රකාශ කළා.

යටත්විජිත ලෙස පැවති රටවල් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට යටත්විජිත කෞතුක භාණ්ඩ ඒවායේ මුල් රටවල් වෙත නැවත භාර දිය යුතුය යන ප්‍රතිපත්තිමය තීරණයට නෙදර්ලන්ත රජය එළැඹ සිටිනවා.

ඒ අනුව, ඔවුන්, එම කෞතුක භාණ්ඩ ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කාර්යයෙහි මුලපිරීමක් ලෙස පර්යේෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, එහිදී, එරට පවතින යටත්විජිත කෞතුක භාණ්ඩ සම්බන්ධයෙන් ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා.

එහි ආරම්භයක් ලෙස, ශ්‍රී ලංකාවේ ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් දෙර‌ටෙහි පර්යේෂකයින් විසින් නෙදර්ලන්තයේ ඇති පුස්කොළ අත්පිටපත් එකතුව පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට ද අපේක්ෂා කෙරෙනවා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, නෙදර්ලන්ත තානාපතිනියගේ සංස්කෘතික කටයුතු පිළිබඳ උපදේශක ක්‍රිෂේන් මෙන්ඩිස් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?