AFC Banner
Empty Ad
Empty Ad

ජනපති සහ ප්‍රධාන පෙළේ චීන සමාගම් කිහිපයක නියෝජිතයන් අතර සාකච්ඡා

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) චීන සන්නිවේදන ඉදිකිරීම් සංස්ථාව, සිනොපෙක් සමාගම, BYD සමාගම ඇතුළු ප්‍රධාන පෙළේ චීන සමාගම් කිහිපයක නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා.

ශ්‍රි ලංකාවේ අනාගත ආයෝජන අවස්ථා සහ අවකාශයන් පිළිබඳව මෙම සාකච්ඡාවලදි පුර්ණ අවධානය යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

වරාය නගරය අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, වරාය නගර පරිශ්‍රය උදෙසා නව මුල්‍ය නීති රීති සම්පාදනය, වරාය නගර පරිශ්‍රයට සීමා වූ අධිකරණ සහ බේරුම්කාරක ක්‍රමවේදයන් සැකසීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

එසේම ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධති විදුලියෙන් ක්‍රියාත්මක කිරිමේ අවකාශ, විදුලි වාහන එකළස් කිරීම, විදුලි දුම්රිය සේවා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රවර්ධනය උදෙසා හැකි උපරිමයෙන් සහාය ලබා දෙන අතර ශ්‍රි ලංකාවේ ආයෝජන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා බව සමාගම් නියෝජිතයන් මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?