AFC Banner
Empty Ad
Empty Ad

ජනපති රනිල් යළිත් බැසිල් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

එළඹෙන ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව එහි දී සාකච්ඡා කිරීමට නියමිත ඇති බවයි පැවසන්නේ.

මේ අතර ඊයේ (20) දින බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී, බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ද පැවැත් වුණු අතර එහි දී ද ඉදිරි මැතිවරණ හා මැයි දින රැලිය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් එම රැස්වීමේ දී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද අද (21) දිනයේ බැසිල් රාජපක්ෂ කටයුතු කරනු ඇති අතර, ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාව ඉන් අනතුරුව සිදුවනු ඇති බවටයි සඳහන් වන්නේ.

මේ අතර ඉකුත් සතියේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් පැවැත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?