ජනපති රනිල් යළිත් බැසිල් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

එළඹෙන ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව එහි දී සාකච්ඡා කිරීමට නියමිත ඇති බවයි පැවසන්නේ.

මේ අතර ඊයේ (20) දින බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී, බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ද පැවැත් වුණු අතර එහි දී ද ඉදිරි මැතිවරණ හා මැයි දින රැලිය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් එම රැස්වීමේ දී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද අද (21) දිනයේ බැසිල් රාජපක්ෂ කටයුතු කරනු ඇති අතර, ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාව ඉන් අනතුරුව සිදුවනු ඇති බවටයි සඳහන් වන්නේ.

මේ අතර ඉකුත් සතියේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් පැවැත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22