AFC Banner
Empty Ad
Empty Ad

ඡන්දෙ දාන්න ගිය බොරිස් ජොන්සන්ට අකරතැබ්බයක්

බ්‍රිතානයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට ඡන්ද මධ්‍යස්ථානයේදී අකරතැබ්බයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හිටපු අග්‍රාමාත්‍යවරයා හැඳුනුම්පත අමතක වී ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඇති අතර එම ස්ථානයේදී ඔහුව ආපසු හරවා එවා ඇති බවත්ය.

මෙහි ඇති විශේෂම කරුණ නම් ඡන්දය ප්‍රකාශ කිරීමට හැඳුනුම්පත අත්‍යවශ්‍ය බවට වන නව නීතිය 2022 වසරේදී බොරිස් ජොන්සන් විසින්ම හඳුන්වා දී තිබීමයි.

කෙසේනමුත් හැඳුනුම්පත රැගෙන යළි ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි පසුව හිටපු අග්‍රාමාත්‍යවරයාට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?