spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චීන්නු ලංකාවට ඇවිත් සිදුකරන තවත් අපරාධයක් ගැන හෙළිදරව්වක්

චීන සමාගම් කිහිපයක් පැමිණ මෙරට රබර් ශාක කපා අපනයනය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා තුනීලෑලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ලක්මාල් පෙරේරා මහතා පවසනවා.

ඔහු මෙම අනාවරණය සිදු කළේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් එක්ව කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අතරතුරේ දී යි.

පෙරේරා මහතා පෙන්වා දෙන්නේ මෙම ජාවාරම වසර 2,3ක සිටම සිදුවන බව යි.

තම කර්මාන්තය සඳහා මූලිකව යොදාගන්නේ රබර් ගස බවත්, එවන් පසුබිමක එකී ජාවාරම සිදුවීම කණගාටුවට කරුණක් බවත් ඔහු පවසනවා.

මේ ආකාරයෙන් රටෙහි සම්පත් විනාශ වී යාම ආණ්ඩුවක් ලෙස සොයා බැලිය යුතු වුවත් එවැන්නක් සිදු නොවන බව ද ඔහු සඳහන් කළා.

“ආණ්ඩුවක් වුණාම මේවා බලන්න ඕන. වන සම්පත අහිමි වෙනවා. මොනවා හරි දෙයක් ඇහුවාම කියන්නේ අපිට ඩොලර්ස් එනවා කියලා”

ලක්මාල් පෙරේරා මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් මෙරට පවතින තුනීලෑලි කර්මාන්තශාලා 25ම වසා දැමීමට සිදුවිය හැකි බව යි.

එහෙයින් මෙලෙස රබර් ගස් කපා පිටරට පැටවීමේ ජාවාරම නැවැත්වීම සිය මූලික අවශ්‍යතාව විය යුතු බව ඔහු අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?