චීන්නු ලංකාවට ඇවිත් සිදුකරන තවත් අපරාධයක් ගැන හෙළිදරව්වක්

චීන සමාගම් කිහිපයක් පැමිණ මෙරට රබර් ශාක කපා අපනයනය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා තුනීලෑලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ලක්මාල් පෙරේරා මහතා පවසනවා.

ඔහු මෙම අනාවරණය සිදු කළේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් එක්ව කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අතරතුරේ දී යි.

පෙරේරා මහතා පෙන්වා දෙන්නේ මෙම ජාවාරම වසර 2,3ක සිටම සිදුවන බව යි.

තම කර්මාන්තය සඳහා මූලිකව යොදාගන්නේ රබර් ගස බවත්, එවන් පසුබිමක එකී ජාවාරම සිදුවීම කණගාටුවට කරුණක් බවත් ඔහු පවසනවා.

මේ ආකාරයෙන් රටෙහි සම්පත් විනාශ වී යාම ආණ්ඩුවක් ලෙස සොයා බැලිය යුතු වුවත් එවැන්නක් සිදු නොවන බව ද ඔහු සඳහන් කළා.

“ආණ්ඩුවක් වුණාම මේවා බලන්න ඕන. වන සම්පත අහිමි වෙනවා. මොනවා හරි දෙයක් ඇහුවාම කියන්නේ අපිට ඩොලර්ස් එනවා කියලා”

ලක්මාල් පෙරේරා මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් මෙරට පවතින තුනීලෑලි කර්මාන්තශාලා 25ම වසා දැමීමට සිදුවිය හැකි බව යි.

එහෙයින් මෙලෙස රබර් ගස් කපා පිටරට පැටවීමේ ජාවාරම නැවැත්වීම සිය මූලික අවශ්‍යතාව විය යුතු බව ඔහු අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55