චිත්‍රපට සංස්ථාවෙන් නික්ම වුණු මාලනියන්ගේ දේහය නිදහස් චතුරස්‍රයට (වීඩියෝ)

මෙරට සිංහල සිනමාවේ රන් සලකුණක් වන් අභාවප්‍රාප්ත නිළි රැජින වන මාලනී සෙනෙහලතා ෆොන්සේකා මහත්මියගේ දේහය මේ වනවිට (26) කොළඹ නිදහස් චතුරස්‍රයට රැගෙනවිත් තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, අද පෙරවරු 07.30ට ජාතික චිත්‍රපට සංස්ථාවෙන් එම දේහය අවසන් කටයුතු සිදු කිරීමට නියමිත නිදහස් චතුරස්‍රය වෙත රැගෙන ඒමට කටයුතු කෙරුණු බවයි.

මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය ඊයේ (25) පෙරවරුවේ සිට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාහල් පරිශ්‍රයේ තැන්පත් කර තිබුණා.

දේහය නිදහස් චතුරස්‍රයේ තැන්පත් කර අද පස්වරු 03 දක්වා මහජන ගෞරවයට ඉඩ සලසා තිබෙනවා.

අද පස්වරු 03ට ආරම්භ කරන ආගමික වතාවත්වලින් අනතුරුව දේහය පිළිබඳව ආදාහන කටයුතු පස්වරුවේ සිදු කිරීමට නියමිත ව ඇත්තේ රාජ්‍ය අනුග්‍රහයෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?