Empty Ad
AFC Banner
Empty Ad

චැම්පියන්ස් කුසලානයට ප්‍රබල ඕස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ

එළෙඹෙන ශූරයින්ගේ කුසලාන තරගාවලිය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට නායකත්වයේ වගකීම සුපුරුදු පරිදි පැට් කමින්ස්ටයි පැවරී ඇත්තේ.

කෙසේ වෙතත් මීට පෙර දණහිසේ ආබාධයක් හේතුවෙන් ඔහු චැම්පියන්ස් කුසලානය සඳහා එක්වීම සැක සහිත බව වාර්තා වුණා.

මේ අතර ඕස්ට්‍රේලියානු නායක කමින්ස් ඔහුගේ දෙවන දරුවාගේ උපත හේතුවෙන් මෙම මස අගදී ආරම්භ වන ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවත්වීමටයි තීරණය කළේ.

සංචිතය නම්කරමින් ඕස්ට්‍රේලියානු තේරීම් කමිටු ප්‍රධානී ජෝර්ජ් බේලි පැවසුවේ, මෙය සමබර හා පළපුරුදු සංචිතයක් වන බවත්, මෑතකදී ඕස්ට්‍රේලියාව සහභාගී වූ එක්දින තරග තුළ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් ඊට ඇතුළත් කර ඇති බවයි.

ඕස්ට්‍රේලියානු සංචිතය – පැට් කමින්ස් (නායක), ඇලෙක්ස් කේරි, නේතන් එලිස්, ආරොන් හාඩි, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, මාර්නස් ලැබුස්චේන්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, මැට් ෂෝර්ට්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාර්ක්, මාකස් ස්ටොයිනිස්, ඇඩම් සැම්පා

එළඹෙන පෙබරවාරි 19 සිට මාර්තු 09 දක්වා රටවල් අටක් චැම්පියන්ස් කුසලානය සඳහා,එක්වන අතර පාකිස්තානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මෙවර තරගාවලිය පැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.10
00:00
Video thumbnail
සිඟිති පාතාලය හිස ඔසවයි - සර්ට දෙනවා තරු විසිවෙන්නම - කොහොමද කොල්ලගේ සැර
01:13
Video thumbnail
දැන් අගමැතිනිය එක්ක යනවා වාහන 50ක් විතර #hariniamarasooriya #sjb
04:46
Video thumbnail
මාමෙක් හරි - නැන්දෙක් හරි ඉන්නවනම් අපිට උදව්කරන්න
02:27
Video thumbnail
රටේ පොලිස්පති හැංගිලා - අධිකරණ නියෝගයක් තියෙද්දිත් හැංගිලා සිටීම බරපතළයි...#deshabandutennakoon
01:48
Video thumbnail
දෙක්කෝටි විසි ලක්ෂයකට අභය දානය දුන්න යුග පුරුෂයා මහින්ද රාජපක්ෂ
03:51
Video thumbnail
ගොවියෙක් ජාතිය අමතයි - ආණ්ඩුවේ රෙදි ඉල්ලේ
00:05
Video thumbnail
වඳුරෝ ගණන් කරන වැඩ කරන්න පුළුව්ද?මොනවද මේ කරන විහිළු වැඩ - ගොයියෙක් ජයටම ජාතිය අමතයි
04:44
Video thumbnail
චමින්ද්‍රාණී කිරිඇල්ලගෙන් විශේෂ ප්‍රකාශයක්
09:50
Video thumbnail
අලි - රිලා ප්‍රශ්නයට මෙන්න විසඳුම
14:27

?