රෝහිත්ගේ තරබාරුකම විවේචනය කළ ෂාමාගෙන් ශූරතාව වෙනුවෙන් සුබ පැතුමක්

පසුගිය සතියේ දී ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ප්‍රකාශිකා ලෙස කටයුතු කරන ෂාමා මොහොමඩ් විසින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා හට සිදු කරන ලද වාග් අපහාසයක් බඳු වූ සටහනෙන් පසුව ශූරයින්ගේ කුසලානය සිය රටට උරුම කරදෙමින් නවසීලන්තය පරදා ලැබූ විශිෂ්ට ජයග්‍රහණය සඳහා උණුසුම් සුබ පැතු ම් කර තිබෙනවා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ දේශපාලනික සාමාජිකාවක වන ෂාමා රෝහිත්ගේ ශරීරයේ බර වැඩි බවත් ඔහු බර අඩු කරගැනීමට කටයුතු කළ යුතු බවත් ලොව ආකර්ෂණීය ම නොවන නායකයා ලෙස රෝහිත් ෂර්මා ව ඇයගේ X සටහනේ සටහනක් තබමින් ප්‍රකාශ කළා.

නමුත් මෙම X සටහනට විරුද්ධ ව ලෝකයේ බොහෝ ප්‍රේක්ෂකයින් දැඩි විරෝධය ෂාමාට එල්ල කළ පසුබිමක දී ඇයට ඇයගේ පක්ෂයෙන් දැනුම්දී ඇත්තේ එම ප්‍රකාශය ඉවත් කරන ලෙසටත්, නැවතත් සමාජ මාධ්‍ය භාවිත කිරීමේ දී මීට වඩා සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවයි.

ඊයේ (09) රාත්‍රියේ දී ශූරයින්ගේ කුසලානය ජයග්‍රහණය කරමින් රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුතු ඉන්දියාව නවසීලන්තය කඩුලු 04කින් පරාජයට පත් කරමින් විශිෂ්ට ජයක් ලැබුවා.

ලකුණු 252ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක ශර්මා පන්දු 83ක දී ලකුණු 76ක් ලබා ගත් අතර ඔහු තරගයේ වීරයා බවට ද පත් වුණා.

පසුගියදා රෝහිත්ගේ ශරීර සෞඛ්‍ය ගැන විවේචන එල්ල කළ ෂාමා මොහොමඩ් ඉන් අනතුරුව ශර්මා ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම ඩුබායි හි දී ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් X සටහනේ සුබ පැතුමක් ද පළ කර තිබෙන අයුරු දක්නට ලැබෙනවා.

”ChampionsTrophy2025 ජයග්‍රහණය කිරීමේ දී ඔවුන්ගේ විශිෂ්ට දස්කම් වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට සුබ පැතුම්! ජයග්‍රහණය සඳහා පදනම සකසා දෙමින් විශිෂ්ට ලකුණු 76ක් සමඟින් පෙරමුණ ගත් නායක @ImRo45 (රෝහිත් ෂර්මා) ඇතුළු කණ්ඩායමට අපගේ කෘතඥතාව පළ කරමු. @ShreyasIyer15 (ශ්‍රෙයාර්ස් අයියර්) සහ @klrahul (කේ.එල්.රාහුල්) තීරණාත්මක ඉනිමක් ක්‍රීඩා කරමින් ඉන්දියාව කීර්තියට ගෙන ගියහ..” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12