කතරගම බස්නායක නිළමේ සී.අයි.ඩීයට – දේශබන්දුව හොයන්න ගෙට රිංගලා (වීඩියෝ)

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර අද (10) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ප්‍රකාශයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබූ දැනුම්දීමකට අනුවයි.

මේ අතර ඊයේ (09) රාත්‍රියේ දී සිය වයෝවෘද මව රැඳී සිටි නිවසට සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ කිසිඳු නීතිමට අවසරයකින් තොරව පරීක්ෂා කර ඇති බව බස්නායක නිළමේවරයා පැවසුවා.

එලෙස පැමිණි සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් විසින් පවසා ඇත්තේ; හිටපු පොලිපති දේශබන්දු තෙන්නකෝන් එම නිවසේ රැඳී සිටී දැයි පරීක්ෂා කිරීම සඳහා පැමිණි බවයි.