ගොඩබෑ ගල්අඟුරු නැව් අටෙන් නැව් 06කින් දඩ අයකර ගනී

ආයනය කළ ගල්අඟුරු නැව් දහයෙන් නැව් 08ක ගල් අඟුරු තොග මේ වනවිට ගොඩබා ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද (24) පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවා.

එලෙස ගොඩබෑ ගල්අඟුරු නැව් අටෙන් නැව් 06ක වාර්තා මේ වනවිට ලැබී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අදාළ නැව් හයේ තිබූ ගල්අඟුරු නියමිත ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් දඩ අයකර ගැනීමට කටයුතු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව පළමු නැවෙන් ඩොලර් මිලියන 2.07ක දඩමුදලක් අයකරගෙන ඇති අතර, දෙවන නැවෙන් ඩොලර් 403,601ක්, තුන්වන නැවෙන් ඩොලර් 484,929ක්, හතරවන නැවෙන් ඩොලර් 345,652ක්, පස්වන නැවෙන් ඩොලර් 500,192ක් සහ හයවන නැවෙන් ඩොලර් 510,677ක් ලෙස දඩ අයකරගෙන ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මේ අතර ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයන තුළින් ඇතිවන බව කියන පාඩුව ගණනය කර වාර්තාවක් නිකුත් කිරීමට මොරටුව සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලවල කථිකාචර්යවරුන් සහ අමාත්‍යාංශ නිලධාරීන්ගේ සමන්විත කමිටුවක් පත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10