ගුණතිලකට එරෙහි නඩුව විභාගයට කැඳවයි – ගුණතිලකගේ අතින් අල්ලාගත් තරුණියකුත් අධිකරණයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියානු අධිකරණයේ ගොනුකර ඇති නඩුව අද (18) විභාගයට කැඳවනු ලැබුවා.

මෙම නඩු විභාගය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර NSW දිස්ත්‍රික් අධිකරණයේ දී කැඳවා තිබුණා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ දී, නැගෙනහිර සිඩ්නි ප්‍රදේශයේ කාන්තාවක් ගුණතිලකට නිවසට ආරාධනා කිරීමෙන් අනතුරුව ඇයගේ කැමැත්තකින් තොරව ලිංගික හිංසා කිරීම හා සොරකම් කිරීම් යන වරදවලින් එක් වරදක වැරදිකරු ලෙස ඔහු පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරයා මෙහිදී අධිකරණයට පවසා ඇත්තේ නීතිඥවරයකු නොමැතිව පැය 02 කට වැඩි කාලයක් තම සේවාදායකයා පොලිසිය සමඟ සම්මුඛව සාකච්ඡාවක් ලබාදුන් බවත් එහිදී ඔහු සහයෝගයෙන් කටයුතු කර ඇති බවයි.

මේ අතර මෙම නඩු විභාගයේ දී පැමිණිලිකාර වින්දිත කාන්තාව අධිකරණය හමුවේ පවසා ඇත්තේ ධනුෂ්ක ගුණතිලක ලිංගිකව එක්වීමේ දී තමාගේ හුස්ම හිර කළ බවත් ලිංගිකව එක්වීමේ දී වේගය අඩු කරන ලෙස කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම නිසා තමාට තම ජීවිතය ගැන බියක් දැනුණු බවයි.

ඊට අමතරව ගුණතිලකට එම එකතුවීමේ දී උපත් පාලන කොපුවක් භාවිතකරන ලෙස තමන් ඉල්ලීම් කළ බවත් එහිදී ඔහු එය අවශ්‍ය නැති බවත් ප්‍රකාශ කළ බවත් අදාළ කාන්තාව අධිකරණ හමුවේ පවසා තිබෙනවා.

එහිදී ගුණතිලක “කරදර වෙන්න එපා පැටියෝ, ඔයා ගැබ්ගන්නෙ නැහැ, ඔයාට මාව විශ්වාස නැද්ද ?” යනුවෙන් පැවසූ බවත් ඇය අධිකරණය හමුවේ පවසා ඇති බව සඳහන්.

මෙම නඩු විභාගය තවත් දින තුනක් හෝ හතරක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මේ අතර අද දිනයේ අධිකරණයේ පැවති නඩු විභාගය සඳහා ගුණතිලක සමඟ විදෙස් ජාතික තරුණියක් ද පැමිණ සිටි ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඔවුන් දෙදෙනා එකිනෙකාගේ දෑත් අත් අල්ලාගෙන ගමන් කරන අයුරු මාධ්‍ය වේදියෙකුගේ කැමරා කාචයට හසුව තිබූ අතර, එම ඡායාරූපය සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම විදෙස් ජාතික තරුණියට ධනුෂ්ක ගුණතිලක සමඟ ඇති සම්බන්ධතාව පිළිබඳ නිශ්චිත තොරතුරක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
5
+1
59
+1
3
+1
4
+1
7
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?