AFC Banner
Empty Ad
Empty Ad

ගිලන් රථයක් බිළිගත් පාපැදිකරු

හලාවත – කුරුණෑගල මාර්ගයේ පුලියන්කඩවර ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කුරුණෑගල දෙසට ධාවනය වූ ගිලන් රථයක් මාර්ගය හරහා පාපැදියක් තල්ලුකරගෙන යමින් සිටි පුද්ගලයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරට ලක්වූ පුද්ගලයා හලාවත රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ මුගුණුවටවන – කොක්කාවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි වියේ පසුවන අයෙක් බව සඳහන්.

බිංගිරිය ප්‍රාදේශීය රෝහලට අයත් ගිලන් රථය එම රෝහලේ සිටි රෝගියෙකු හලාවත මහා රෝහලට ගෙනවිත් භාර දී යළි බිංගිරිය බලා ගමන් කරමින් සිටින අතර තුර මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් ගිලන් රථයේ රියදුරු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?