ගිනිඅවි බලපත්‍ර ලාභීන්ට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

ජීවිත ආරක්ෂක ගිනිඅවි බලපත්‍ර ලාභීන්ගේ ගිනි අවි සම්බන්ධයෙන් පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2026 වර්ෂයට ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට සමගාමීව, බලපත්‍රය ලබාගෙන අඩ වර්ෂයක් ගතවූ විට ලඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ගිනි අවිය ඉදිරිපත් කර ගිනි අවියේ ක්‍රියාකාරීත්වය සහ එහි අංකය බලපත්‍රයෙහි අංකය සමඟ සැසඳෙන බවට සහතිකයක් ලබා ගත යුතු බවයි සියළුම ජීවිතරාක්ෂක ගිනි අවි අලුත් කර ගත් බලපත්‍රලාභීන් වෙත උපදෙස් ලබා දෙන්නේ.

මින් ඉදිරියට සෑම අඩ වර්ෂයකම ජීවිතාරක්ෂක ගිනි අවි බලපත්‍ර ලාභීන්ගේ ගිනි අවි සහ බලපත්‍ර ඉහත සඳහන් පරිදි පරීක්ෂා කර අදාළ සහතිකය නිකුත් කර අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් වෙත උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව 2026 වර්ෂයට අදාළව බලපත්‍ර ලබාගෙන අඩ වර්ෂයක් ගත වූ විට ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ගිනි අවිය ඉදිරිපත් කර එහි ක්‍රියාකාරීත්වය සහ අංකය බලපත්‍රයෙහි අංකය සමඟ සැසඳෙන බවට සහතිකයක් ලබා ගන්නා ලෙසයි ජීවිතාරක්ෂක ගිනි අවි බලපත්‍ර අලුත් කර ගත් සියළුම බලපත්‍ර ලාභීන් වෙත යළිත් දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48