ගෑස් අනතුරෙන් මියගිය කතගේ මරණයට හේතු වූ සැබෑ අභිරහස මෙන්න

පොළොන්නරුව, වැලිකන්ද – සඳුන්පිටිය ගම්මානයේ ගෑස් සිලින්ඩරයක් පිපිරී, 19 හැවිරිදි කාන්තාවක් බරපතළ තුවල ලබා මියගිය බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ වාර්තාවේ සඳහන් වන්නේ, අදාළ කාන්තාව, සියදිවි හානි කරගෙන ඇති බවට ඇය මරදාන පොලිසියට ලබා දුන් ප්‍රකාශයේ පැහැදිලිව සටහන්ව ඇති බවයි.

කෙසේ වෙතත්, අප මේ සම්බන්ධයෙන් වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමකදී ඔහු කියා සිටියේත් අදාළ කාන්තාවගේ මරණය සියදිවි හානි කරගැනීම හේතුවෙන් සිදු වූවක් බවට තහවුරු කළ හැකි බවයි.

අදාළ කාන්තාව සහ සැමියා අතර ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව සැමියා රැකියාවට පිටත්ව යාමෙන් පසු අදාළ කාන්තාව සිය සිරුරට භුමිතෙල් වත්කරගෙන ගිනි අවුළුවා ගෙන තිබෙනවා.

ඇය එසේ කිරීමට පෙර සිය සැමියාට වට්ස්ඇප් ඔස්සේ දුරකතන ඇමතුමක් ලබා දී භූමිතෙල් බෝතලය ද පෙන්වා ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියා.

කෙසේ වෙතත්, සැමියා ආපසු නිවසට පැමිණෙද්දි ගිනි තබා ගැනීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව පළමුව වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇත්තේ, ඇයගේ අසල්වැසි කාන්තාවක විසිනුයි.

ඇය කරුණු හරි හැටි සොයා නොබලා රෝහල් පොලීසියට අනුමාන වශයෙන් කියා ඇත්තේ, ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදු වන්නට ඇති බවටයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ මෙම කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට පළමුව යොමු කෙරුණු අතර, ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලබන්නේ පොළොන්නරු රෝහල හරහා යි.

මෙම කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවද්දී, මරදාන පොලිසිය විසින් ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

එහිදී ඇය පවසා ඇත්තේ, සිය සැමියා සමග ඇති වූ අමනාපය හේතුවෙන් භූමිතෙල් වත් කරගෙන සිරුරට ගිනි තබා ගත් බවයි.

කෙසේ වෙතත්, අප වාර්තාකරු සමඟ අදහස් දැක් වූ මෙම 19 හැවිරිදි බී.ජී. අයේශා කුමුදුනිගේ පියා වන බී.ජී. ජයසූරිය කියා සිටියේ, සිය දියණිය අලුයම ගෑස් ලිප පත්තු කිරීමට යාමේදී සිදු ව තිබූ ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙලෙස හදිසි අනතුරට ලක් වූ බවයි.ඔහු වැලිකන්ද පොලිසියට ද ලබා දී ඇත්තේ, එම ප්‍රකාශය යි.

ගෑස් ටැංකිය පුපුරා ගොස් මිලින වූ අයේෂා අවසන් ගමන් ගිය හැටි

ගෑස් සිලින්ඩරයක් පුපුරා අවසන් ගමන් ගිය අයේෂා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව ජනපතිට දුන්න උණුසුම් සමුගැනීම..ජන ගඟක් මැදින් ජනපති ගැම්මට යයි
02:28
Video thumbnail
දිලිත් මැයි දින වේදිකාවේ ජනපතිව හොඳටම අමතයි
10:29
Video thumbnail
NPP කළුතර මැයි රැළියට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අයුරු..STF සහ පොලිසියෙන් විශේෂ ආරක්ෂාවක්
01:07
Video thumbnail
මෙහෙම පුළුවන්ද ආණ්ඩු එලවන්න..පව් අනේ මෙයාලා - ඔබ මොකක්ද කියන්නේ..ඕනි නැද්ද ආණ්ඩුව ?
10:43
Video thumbnail
10වන අභිමානවත් විධායක ජනාධිපති දිලිත් ජයවීර මැතිතුමා..අපේකම හඳුනන අපේම මිනිහෙක්
02:14
Video thumbnail
ජනපති අනුර ජනතාව ඉස්සරහ ගැම්මට විපක්ෂයට කිව්ව දේ..මේ ආණ්ඩුව රකින්නේ රටේ ජනතාව
11:55
Video thumbnail
දසත පුරා - මැයි දින රැළි පිළිබඳ නවතම තතු / සජීවී තොරතුරු විකාශය
01:06:15
Video thumbnail
සෙනඟ මැදින් ආ දිලිත්ට වුණු අකරතැබ්බිය
04:17
Video thumbnail
UNP පිරිත් දේශනය සිරිකොත මන්දිරයේදී පැවැත්වුණු හැටි..තලතා, අකිල විරාජ් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
04:22
Video thumbnail
ආණ්ඩුව පළවාහරින පළමු වෙඩිමුරය අද පටන්ගන්නවා
04:43