ගෑස් අනතුරුවල වගකීම භාර ගතයුත්තේ කවුදැයි ඇමති හෙළිකරයි

රටේ විවිධ ස්ථානවල සිදුව ඇති ගෑස් අනතුරුවලට අදාළ සමාගම සම්පූර්ණයෙන් වගකිව යුතු බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (02) ප්‍රකාශ කළේය.

ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් පෙන්වා දෙන්නේ සිදුව ඇති ගෑස් අනතුරුවලට සමාගම සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවය. 

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,

“මේ සම්පූර්ණ වගකීම මේ සමාගම් භාරගත යුතුයි. සමාගම්වල අඩුපාඩුවක් නිසා තමයි මේ ගැටලු ඇතිවෙලා තියෙන්නේ. පාරිභෝගික ජනතාව මුහුණ දෙන අපහසුතාවය ගැන අපි විශාල ලෙස කණගාටු වෙනවා. මේ සමාගම් මොනයම් හෝ වැරද්දක් කරලා තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම නීතිය ඉදිරියට රැගෙන ගිහින් දඬුවම් ලබාදෙන්න කටයුතු කරනවා.”

මේ අතර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පර්යේෂණ අංශය අවධාරණය කළේ, ලිට්‍රො සමාගම ගෑස් සංයුතිය වෙනසකට ලක්නොකළ බවට දිගින් දිගටම ප්‍රකාශ කළත් තමන් කළ පරීක්ෂණය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සිදුකළ බවය. 

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය පිරිපහදු කළමනාකාර (නිෂ්පාදන) කේ.ජී.එච්.කෝදාගොඩ මහතා සඳහන් කළේ,

“අපි දුන් වාර්තා පාරිභෝගික කටයුතු අධිකාරිය ඉතා ඉහළින් පිළිඅරගෙන තියෙනවා. අපිට සාම්පල් එක දීපු කෙනාට විතරයි අපි ප්‍රතිඵලය දෙන්නේ. ඒක මාධ්‍යට දෙන්න බැහැ. සමාගම පිළිගන්න එක නැති එක අපිට අදාළ නෑ. අපි ජාත්‍යන්තරව පිළිගන්නා තත්ත්වයන් යටතේ තමයි පරීක්ෂාවන් කළේ.”

ගෑස් සංයුතියේ කුමන වෙනසක් සිදුවුවත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර කිසිදු ආකාරයකින් පුපුරා නොයන බව ලිට්‍රො සමාගම ඊයේ (01) ප්‍රකාශ කළේය.

මෙවන් පසුබිමක රෙගියුලේටර්, ගෑස් බට සහ උඳුන් පුපුරායාමේ සිද්ධීන් සහ ගෑස් කාන්දුවීම් රැසක් අදත් වාර්තා වූ අතර, ගෙවී ගිය දින 3 ඇතුළත සිද්ධීන් 50 කට අධික සංඛ්‍යාවක් වාර්තාවී තිබේ.

2012 වසරේ පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ 1742/27 දරණ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර හා ඊට අදාළ උපාංග ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට අනුකූල විය යුතුය.

ඒ අනුව ගෑස් සිලින්ඩර සඳහා යොදා ගන්නා VALVE FITTINGS එසේත් නැත්නම් කපාට සවිකරු SLS 1184 යන පිරිවිතරයන්ට අනුකූල විය යුතුය.

එහිදී  සිලින්ඩරයේ ගෑස් පීඩනයට සමාන හා ඔරොත්තු දෙන කපාටයක් අදාළ ගෑස් සැපයුම් ආයතනය විසින් සවි කළ යුතුවෙයි.

එමෙන්ම, රෙගියුලේටර් SLS 1180ට අනුකූල විය යුතුය.

එම රෙගියුලේටරයෙන් උපරිමව පැයකට ගෑස් කිලෝග්‍රෑම් 2ක්, මිලි බාර් 30ක උපරිම පීඩනයකින් පිටතට යා යුතු අතර, එම රෙගියුලේටරය වසර 5කට වරක් මාරු කිරීම පාරිභෝගිකයා විසින් සිදු කළ යුතු වෙයි.

මේ අතර, ගෑස් ටැංකියේ සිට උඳුන දක්වා සවිවන බටයද SLS 1172 ට අනුකූල විය යුතුය.

එය මිලිමීටර් 10ක විෂ්කම්භයකින් විය යුතු අතර, එහි LOW PRESSURE LP GAS ලෙස සඳහන් විය යුතුය.

එබැවින් බටයක උපරිම දිග මීටර් 1 හමාරක් විය යුතු අතර, එය වසර 2කට වරක් මාරු කිරීම අනිවාර්යෙන්ම සිදුකළ යුතුය.

2012 වසරේ නිකුත් කළ එම අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් එම ප්‍රමිතීන්ට අනුකූල නොවන උපාංග ආනයනය, නිෂ්පාදනය, බෙදාහැරීම, ගබඩා කිරීම, විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම නීතියෙන් තහනම්ය.

නමුත් එම ප්‍රමිතීන් යටතේ මෙම උපකරණ මේ වන විට කිසිම ආයතනයකින් නියාමනය නොවන්නේ, ඊට අදාළ රසායනාගාර පහසුකම් ද අප රට සතුව නොමැතිවීම හේතුවෙනි.

මේ අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පුපුරා යාමේ සිද්ධින් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ රැස්වූ වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී අනාවරණ වූ කරුණු පිළිබඳව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පැහැදිලි කළේය.

“කාරණා කිහිපයක් පැහැදිලි කළා. එකක් තමයි දැන් තියෙන ගෑස්වල ගෑස් සුවඳ එන්නේ නෑ කියලා කිව්වා. මට පේන්න තියෙන්නේ මේ සමාගම් වගකිව යුතුයි කියලා. අද අසාමාන්‍ය ලෙස ගිනිගැනීම් තමයි සිදුවෙන්නේ.”

මේ අතර ජනතාවගේ ජීවිතවලට හානි සිදුවන ආකාරයට ගෑස් පුරවා වෙළෙඳපොළට යොමු කිරීම සම්බන්ධ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා අද සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:26
Video thumbnail
නියත වශයෙන්ම 2029 නාමල් රාජපක්ෂව ජනපති කරනවා - පුළුවන් නම් ජනතාව එන එක නවත්තන්න
02:03
Video thumbnail
බාල ගල් අඟුරු මගඩිය ගැන කවුරුත් නොකී තොරතුරු රැසක් එළියට - ලැබුණයි කිව්ව ගල් අඟුරු ලැබිලා නෑ
04:10
Video thumbnail
කාලෙන් කාලෙට කරපු බලපුළුවන්කාරකම්වලට නිලධාරින්ටවත් කට අරින්න බෑ - ලාල්කාන්තගෙන් සැර කතාවක්
04:07
Video thumbnail
මේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ - අපිව මර්දනය කරන්න බෑ..ක්‍රියාත්මක වෙන්නේ යම් දඩයමක්
04:54
Video thumbnail
මහා මගඩිය පිටුපස ඉන්න මහ මොළකරු අනුර කුමාරද ? - අනුර නැත්තම් මේවා කෑවද ?
01:35
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ සී.බී - ඇතුළට දාලා ඔයිට වැඩිය දේවල් කළා
01:47
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07