ගැරඬිඇල්ලේ අනතුරට වගකිව යුත්තේ කතරගම ඩිපෝව හා RDA බව පරීක්ෂණ වාර්තාවෙන් හෙළිවෙයි

පසුගිය දා කොත්මලේ – රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ බිහිසුණු බස් රථ අනතුරට වගකිව යුත්තේ කතරගම ඩිපෝව සහ මාර්ග සංවර්ධන අධිකාරිය බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කළ පරීක්ෂණ වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා.

මෙම අනතුරට ප්‍රධාන හේතුව වී ඇත්තේ බස් රථයේ රියැදුරුගේ අවිවේකී බවත්, ඒ හේතුවෙන් නින්ද යාම බවයි එම පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

කෙසේවෙතත් එම පරීක්ෂණ වාර්තාවේ අනතුර සිදුවීමට ප්‍රධාන හේතුවක් ලෙස රියදුරුගේ පැවති අවිවේකී බව දක්වා තිබුණ ද එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, කතරගම ඩිපෝව විසින් අදාළ බස් රථයේ අලුත්වැඩියා කටයුතු නිසි පරිදි පළපුරුදු කාර්මිකයින් යොදවා සිදු කර නොමැති බවයි.

එය අවසන් වරට අලුත්වැඩියා සිදු කර ඇත්තේ 2023 වර්ෂයේ දී වුව ද, එහිදී බසයේ සැකිල්ලේ කණු දිරාපත් වුව ද, ඒවා ඉවත් කර, අලුත් තහඩු යොදා නැති බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කළ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා.

එබැවින් අනතුරින් බස් රථයට දැඩි අලාභ හානි සිදු වූ බවත් එම පරීක්ෂණ වාර්තාවේ සඳහන්.

එමෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය මගින් 2022 වසරේ දී අනතුර සිදු වූ ස්ථානයේ දෙපස ව්‍යාපාරිකයින්ට ලෑලි කඩ දෙකක් තැනීමට අවසර ලබාදීමෙන් පසු එම වෙළෙන්දන් පාරිභෝගිකයින්ගේ පහසුව පිණිස අනතුර සිදු වූ ස්ථානයේ තිබූ විශාල ගස් කපා, පස් සමතලා කර ඇති බව ද පරීක්ෂණ වාර්තාවේ සඳහන් ව තිබෙනවා.

මැයි මස 11 වැනි දින මෙම අනතුර සිදු වූ අතර ඉන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් ගණන 23ක්.

තවත් 60කට ආසන්න පිරිසක් අනතුරින් තුවාල ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කිරීමට ශ්‍රී ලංකා පොලිසියෙන් ද පරීක්ෂණ කමිටුවක් පත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08