ගැරඬිඇල්ලේ අනතුරට වගකිව යුත්තේ කතරගම ඩිපෝව හා RDA බව පරීක්ෂණ වාර්තාවෙන් හෙළිවෙයි

පසුගිය දා කොත්මලේ – රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ බිහිසුණු බස් රථ අනතුරට වගකිව යුත්තේ කතරගම ඩිපෝව සහ මාර්ග සංවර්ධන අධිකාරිය බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කළ පරීක්ෂණ වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා.

මෙම අනතුරට ප්‍රධාන හේතුව වී ඇත්තේ බස් රථයේ රියැදුරුගේ අවිවේකී බවත්, ඒ හේතුවෙන් නින්ද යාම බවයි එම පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

කෙසේවෙතත් එම පරීක්ෂණ වාර්තාවේ අනතුර සිදුවීමට ප්‍රධාන හේතුවක් ලෙස රියදුරුගේ පැවති අවිවේකී බව දක්වා තිබුණ ද එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, කතරගම ඩිපෝව විසින් අදාළ බස් රථයේ අලුත්වැඩියා කටයුතු නිසි පරිදි පළපුරුදු කාර්මිකයින් යොදවා සිදු කර නොමැති බවයි.

එය අවසන් වරට අලුත්වැඩියා සිදු කර ඇත්තේ 2023 වර්ෂයේ දී වුව ද, එහිදී බසයේ සැකිල්ලේ කණු දිරාපත් වුව ද, ඒවා ඉවත් කර, අලුත් තහඩු යොදා නැති බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කළ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා.

එබැවින් අනතුරින් බස් රථයට දැඩි අලාභ හානි සිදු වූ බවත් එම පරීක්ෂණ වාර්තාවේ සඳහන්.

එමෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය මගින් 2022 වසරේ දී අනතුර සිදු වූ ස්ථානයේ දෙපස ව්‍යාපාරිකයින්ට ලෑලි කඩ දෙකක් තැනීමට අවසර ලබාදීමෙන් පසු එම වෙළෙන්දන් පාරිභෝගිකයින්ගේ පහසුව පිණිස අනතුර සිදු වූ ස්ථානයේ තිබූ විශාල ගස් කපා, පස් සමතලා කර ඇති බව ද පරීක්ෂණ වාර්තාවේ සඳහන් ව තිබෙනවා.

මැයි මස 11 වැනි දින මෙම අනතුර සිදු වූ අතර ඉන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් ගණන 23ක්.

තවත් 60කට ආසන්න පිරිසක් අනතුරින් තුවාල ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කිරීමට ශ්‍රී ලංකා පොලිසියෙන් ද පරීක්ෂණ කමිටුවක් පත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57