ගැබ්බර මුවදෙනක් වෙඩි තබා මරාදැමූ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

ගලේවෙල – මකුළුගස්වැව, හීනුග්ගල රක්ෂිතයේ දී ගැබ්බර මුවදෙනක් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනා ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

ඒ, අදාළ සැකකරුවන් සිව්දෙනා අද (26) දඹුල්ල මහේස්ත්‍රාත් දුලාංජලි සිතුමිණි මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් අදාළ සැකකරුවන්ගෙන් එක් අයෙකු අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් ඔහු දඹුල්ල මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත් බවයි පොලීසිය මහෙස්ත්‍රාත්වරිය හමුවේ පවසා සිටියේ.

මෙම සිද්ධියට ඊයේ (25) දින අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනා අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද සිටිනවා.

මෙහිදී සිවිල් පුද්ගලයින් දෙදෙනාට මුවදෙනක ඝාතනය කිරීම, ගිනිඅවි සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ නඩු ගොනු කර ඇති අතර, සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනාට මුවදෙන ඝාතනයට අධාර අනුබලදීමේ සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?