ගැබ්බර මුවදෙනක් වෙඩි තබා මරාදැමූ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

ගලේවෙල – මකුළුගස්වැව, හීනුග්ගල රක්ෂිතයේ දී ගැබ්බර මුවදෙනක් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනා ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

ඒ, අදාළ සැකකරුවන් සිව්දෙනා අද (26) දඹුල්ල මහේස්ත්‍රාත් දුලාංජලි සිතුමිණි මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් අදාළ සැකකරුවන්ගෙන් එක් අයෙකු අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් ඔහු දඹුල්ල මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත් බවයි පොලීසිය මහෙස්ත්‍රාත්වරිය හමුවේ පවසා සිටියේ.

මෙම සිද්ධියට ඊයේ (25) දින අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනා අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද සිටිනවා.

මෙහිදී සිවිල් පුද්ගලයින් දෙදෙනාට මුවදෙනක ඝාතනය කිරීම, ගිනිඅවි සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ නඩු ගොනු කර ඇති අතර, සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනාට මුවදෙන ඝාතනයට අධාර අනුබලදීමේ සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17