ගාල්ලේ පිංකැට හොරෙක් ඩොලර් සහ යුවාන් දහස් ගණනක් සමඟ මාට්ටු

ගාල්ල සහ ඒ අවට ප්‍රදේශවල විහාරස්ථානවල පිංකැට බිඳ මුදල් සොරකම් කිරීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ 40 හැවිරිදි සැකකරුවෙක් ඊයේ (10) සවස ගාල්ල, වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පෝද්දල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිද අයෙක්.

ගාල්ල මකුළුව ප්‍රදේශයේ විහාරස්ථානයක් බිඳ සොරකම් කල චීන යුවාන් 4700ක්, ඇමරිකානු ඩොලර් 1112ක් රුපියල් 24,120 ක මුදල් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය මිලීග්‍රෑම් 2740 ප්‍රමාණයක් සමග සැකකරු කරාපිටිය ප්‍රදේශයේදි ඊයේ (10) සවස මෙම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු ගාල්ල, යක්කලමුල්ල, ඉමදූව සහ වරාය යන පොලිස් වසම්වල පිහිටි විහාරස්ථානවල ආවාස ගෙවල් සහ පිංකැට කඩා මෙලෙස මුදල් සොරකම් කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (11) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ගාල්ල වරාය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted