ගලේවෙල ප්‍රදේශයේ නිවසක පාසල් සිසුවියකගේ සහ තරුණයෙකුගේ මළ සිරුරු දෙකක්

ගලේවෙල ප්‍රදේශයේ පාළු නිවසක තිබී පාසල් සිසුවියකගේ සහ තරුණයෙකුගේ සිරුරු දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

14 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියක් සහ 20 හැවිරිදි වියේ පසුවන තරුණයෙකුගේ සිරුරු මෙලෙස හමුවූ බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් දෙදෙනා අතර කලක සිට ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මීට පෙර අවස්ථාවක දී මොවුන් දෙදෙනා නිවසින් පැනගොස් ඇති බවට වාර්තා වන බවයි.

පාසල් සිසුවිය ගලේවෙල, අඹන්පොළ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනා සියදිවි හානිකරගත්තා ද නැතහොත් ඝාතනයට ලක්වී ඇත්දැයි යන්න පිළිබඳව මේ වනවිට පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?