ගල්කිස්සේ නිවාසයක් වටලා සැකකාරියන් 7 ක් අත්අඩංගුවට

ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයේදී ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබේ. දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අදාළ වැටලීම ඊයේ (15) දහවල් සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වැටලීමෙන් ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියෙකු සහ කළමනාකරණයට සහය වීම සම්බන්ධ තව ත් සැකකාරියන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 22ත් 40ත් අතර වයස්වල පසුවන මීගහතැන්න, මැදිනිඔය, ගාල්ල, දිගන, හබරන්නාවල, රත්මලාන හා නුගේගොඩ ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.

සැකකාරියන් අද ( 16) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?