වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 05ක වී තොග අතුරුදන්වීම සම්බන්ධ ව දින තුනක් තුළ වාර්තාවක් සපයන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
කුරුණැගල දිස්ත්‍රික්කයේ අලෙවි මණ්ඩලයට අයත් ගබඩා පහක 2020 හා 2021 වර්ෂවල කන්න කිහිපයක දී වරින්වර මිල දී ගත් වී එම කාලයේ දී අතුරුදන් වීමක් සිදු වී ඇති බවට වී අලෙවි මණ්ඩලයේ අභ්‍යන්තර සේවකයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යවරයාට පැමිණිලි කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
මෙම වී තොග අතුරුදන්වීමට වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ මෙන් ම ප්‍රාදේශීය කාර්යාලවල සිටින ඇතැම් නිලධාරින් ද සම්බන්ධ බවට ද තොරතුරු ලැබී ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.
නිකවැරටිය, පොල්ගහවෙල, මහව ඇතුළු ගබඩා පහක මිල දී ගන්නා ලද වී තොග මෙසේ අඩු වී ඇති අතර මෙම වී තොගවල සම්පූර්ණ වටිනාකම රුපියල් ලක්ෂ 1000කට ආසන්න වනු ඇති.
මෙම වී තොගවලට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳ ව තමන්ට දින තුනක් තුළ වාර්තාවක් ලබා දෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩට උපදෙස් දී තිබෙනවා.
වී තොග සම්බන්ධ ව ශ්‍රී ලංකා පොලිසිය හා අපරාධ විමර්ශන අංශය මගින් විධිමත් පරීක්ෂණයක් ද ආරම්භ කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයාට සම්පූර්ණ වාර්තාවක් දින තුනක් තුළ ලබාදීමට කටයුතු කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ.














EKADHIPATHI HO EKAMA PALANAYAK VINAYAK THIYENA RATAKA NAM ALLAGENA AWITH KETI NADU WIBHAGAYAK THIYALA, POLIMATA HITAWA WEDI THIYALA MARALA DANAWA. AYE EHEMA KARANNA INNA UN EKKO NOKARA INNAWA, NATHINAM EYI KAMETA NOKARA WENA KRAMEKATA KARANWA AHUWENA KAM. AHU UNAMA AYE ALLAGENA AWITH OLUWATA WEDI THIYALA MARALA DANAWA. NORTH KOREA, KALIN NAM CUBA, LATHIN SAHA CENTRAL AMERICAN RATAWAL, CHINA, VITETNAM OHOMA KARALA THAMAYI DIYUNU UNE.
OWA KAWADAWATH ATHULATA AWE NAHE, MEKA HEMADAMA KARANA APARADHAYAK. BORU BILL DALA SALLI GANNAWA. ALIYATA YANAKOTA ADUWEN BILL DALA WADIYEN PATAWALA YAWANAWA. MEKA HORA WIMANAYAK WELA. ANE APE RATA. THADHA NEETHI AWANAM EKKO HEAD SHOT, NATINAM LIFE TIME ATHULE. WADIYA ONA NAHE WATA 3 KATA MASA 3-6 KALANAM MEWA GODAAAK ADU WENAWA. AMNESTY, NGO HATHTHA THAMAYI MEWA KARANNA NODHEE RATA KANNE.