ගබඩා 05ක වී තොග අතුරුදන් – පාඩුව රුපියල් ලක්ෂ 1000කට ආසන්නයි

වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 05ක වී තොග අතුරුදන්වීම සම්බන්ධ ව දින තුනක් තුළ වාර්තාවක් සපයන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

කුරුණැගල දිස්ත්‍රික්කයේ අලෙවි මණ්ඩලයට අයත් ගබඩා පහක 2020 හා 2021 වර්ෂවල කන්න කිහිපයක දී වරින්වර මිල දී ගත් වී එම කාලයේ දී අතුරුදන් වීමක් සිදු වී ඇති බවට වී අලෙවි මණ්ඩලයේ අභ්‍යන්තර සේවකයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යවරයාට පැමිණිලි කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙම වී තොග අතුරුදන්වීමට වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ මෙන් ම ප්‍රාදේශීය කාර්යාලවල සිටින ඇතැම් නිලධාරින් ද සම්බන්ධ බවට ද තොරතුරු ලැබී ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

නිකවැරටිය, පොල්ගහවෙල, මහව ඇතුළු ගබඩා පහක මිල දී ගන්නා ලද වී තොග මෙසේ අඩු වී ඇති අතර මෙම වී තොගවල සම්පූර්ණ වටිනාකම රුපියල් ලක්ෂ 1000කට ආසන්න වනු ඇති.

මෙම වී තොගවලට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳ ව තමන්ට දින තුනක් තුළ වාර්තාවක් ලබා දෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩට උපදෙස් දී තිබෙනවා.

වී තොග සම්බන්ධ ව ශ්‍රී ලංකා පොලිසිය හා අපරාධ විමර්ශන අංශය මගින් විධිමත් පරීක්ෂණයක් ද ආරම්භ කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයාට සම්පූර්ණ වාර්තාවක් දින තුනක් තුළ ලබාදීමට කටයුතු කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06