AFC Banner
Empty Ad
Empty Ad

ගණේමුල්ලේ වෙඩි හුවමාරුවකදී අපරාධකරුවෙක් වෙඩි කයි

ඊයේ (21) රාත්‍රියේ ගණේමුල්ල පොලිස් වසමේ සුමේද මාවත ප්‍රදේශයේ නිවසක, පසු ගිය 09 වනදා ජා ඇල පොලිස් වසමේ දඬුගම් ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය සිදු කිරීමට තැත් කිරීමෙ අපරාධයකට අවශ්‍යව සිටි සැකකරුවෙකු රැදී සිටි ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ලද තොරතුරක් මත අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

එහි දී ඇති වූ වෙඩි හුවමාරුවේදී සැකකරු තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බ සඳහන්.

මරණකරු 28 හැවිරිදි බුළුගහපිටිය, ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම වෙඩි හුවමාරුවේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු ද තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ගණේමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?