කෝටි 05ක ජංගම දුරකථන ඇතුළු උපකරණ තොගයක් ගුවන් තොටින් අල්ලයි (ඡායාරූප)

රුපියල් කෝටි 05ක් පමණ වටිනා ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් සමඟ ගුවන් මගීන් තිදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම ගුවන් මගීන් තිදෙනා අද (20) අත්අඩංගුවට ගෙන ති අතර, මොවුන් අතරින් පළමු ගුවන් මගීන් දෙදෙනා, අලුයම 12.30ට ඩුබායි සිට එෆ්.ඉසෙඩ්.- 569 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පුද්ගලයින් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සහ 25 හැවිරිදි වයස්වල පසුවන දෙදෙනෙක්.

එමෙන්ම කොළඹ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙක් ද අද (20) උදෑසන 09.45ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් මෙලෙස නීති විරෝධී ලෙස ජංගම දුරකථන 309ක්, ටැබ් පරිගණක 08ක්, ජංගම දුරකථන උපාංග, ලැප්ටොප් 12ක්, මැක් බුක් 02ක්, අයි පෑඩ් 04ක්, ස්මාර්ට් වර්ගයේ ඔරලෝසු 20ක්, රවුටර් 05ක්, ඉයර් බඩ්ස් 30ක් රැගෙන විත් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57