කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි පර්චස් 79.71 ක වටිනා ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස් කර ප්‍රසිද්ධ සමාගමකට විකිණීමට සම්බන්ධ වූයේ යැයි කියන සැකකරුවන් තිදෙනකු ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම අද (01) ප්‍රතික්ෂේප කළා.
සැකකරුවන් වන ශාන්ත විතාන ගමගේ, ඩෙස්මන්ඩ් අමරසිංහ සහ සමන් ජයවීර ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම් මෙසේ ප්‍රතික්ෂේප කළා.
මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ සැකකරුවන් විමර්ශනයන්ට සහය දැක්විය යුතු බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රධාන සැකකරුවකු යැයි කියන කළුතර නාගස්හන්දීය ලිපිනයේ පදිංචි ලියනවත්තගේ ප්‍රේමරත්න නොහොත් ටිකිරි බණ්ඩාර රත්නායක ඇප මත මුදා හැරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
සැකකරුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.
සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා
සැකකරුගේ බැංකු ගිණුම් තහනම් නියෝගය ඔක්තෝබර් 29 දින දක්වා දීර්ඝ කිරීමටද නියෝග කළා.
කොළඹ 07 බාන්ස් පෙදෙස පර්චස් 71.97 බිම් කොටසක් හොර ඔප්පු සාදා කුණු කොල්ලයට විකිණීමේ ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙකු යැයි මෝටර් රථ ධාවන ශූර දිලන්ත මාලගමුව ,ශාන්ත විතාන ගමගේ, ඩෙස්මන්ඩ් අමරසිංහ, සමන් ජයවීර යන පුද්ගලයින්ට එරෙහිව පැවරූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ඔක්තෝබර් 29 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළා.













