කොරියානු නියෝජ්‍ය කථානායක සහ මෙරට කථානායක අතර හමුවක්

කොරියානු ජනරජයේ ජාතික සභාවේ නියෝජ්‍ය කථානායක ලී හැක් යන්ග් පෙරේදා (03) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙරට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හමුවුණා.

කොරියානු ජනරජයේ ජාතික සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බොක් කිවෑන්ග්, සොන්ග් ජේබොං, ජුන්ග් හයිකියුං යන පිරිස සහ ජාතික සභා ලේකම් කාර්යාලයේ ආසියා-පැසිෆික් කටයුතු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ලී ජයොං මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපතිනි මියන් ලී ද මෙම හමුවට එක්වුණා.

මෙහිදී අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න , විවිධ සංවර්ධන ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය මෙන්ම, පසුගියදා දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යසනයේදී ලබා දුන් සහයෝගය වෙනුවෙන් කොරියානු ජනරජයට සිය කෘතඥතාව පළ කළා.

කොරියානු ජනරජයේ සහාය ඇතිව, විශේෂයෙන් කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (KOICA) හරහා අධ්‍යාපනය,
ප්‍රවාහනය, ග්‍රාමීය සංවර්ධනය සහ ජල සම්පත් සංවර්ධනය යන ක්ෂේත්‍රවල ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද කථානායකවරයා මෙහිදී සිහිපත් කළා.

තවද ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය සඳහා ලබා දී ඇති ධාරිතා සංවර්ධන වැඩසටහන් සඳහා ද ඔහු ස්තූතිය පළ කළා.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය මේවනවිට ස්ථාවර වී ඇති බවත්, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා කොරියානු ආයෝජකයින් උණුසුම් ලෙස පිළිගන්නා බවත් කථානායකතුමා තවදුරටත් පවසා සිටියා.

ඉදිරියේදී ශ්‍රී ලාංකික සේවකයින් සඳහා කොරියානු ජනරජයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි අපේක්ෂාකරන බව ද ඔහු සඳහන් කළා.

කොරියානු ජනරජයේ ජාතික සභාවේ නියෝජ්‍ය කථානායක ගරු ලී හැක් යන්ග්, ආරාධනය පිළිබඳව කථානායකවරයාට කෘතඥතාව පළ කළ අතර, මෙම සංචාරය දෙරට අතර මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි ප්‍රකාශ කළා.

ලබන වසරේදී ශ්‍රී ලංකාව සහ කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50 ක් සපිරෙන බව ඔහු සඳහන් කළ අතර, දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ සංවර්ධනය සඳහා අංශ ගණනාවක් හරහා සහයෝගීතාව පුළුල් කිරීම කිරීම පිළිබදවත් අවධාරණය කරනු ලැබුවා.

සංචාරකයින්ගේ පැමිණීම වැඩි කිරීම, බලශක්ති සහ මහාමාර්ග වැනි ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා කොරියානු සමාගම්වලට සහභාගී වීමට වැඩි අවස්ථාවන් ලබා දීම සහ දෙරට අතර පාර්ලිමේන්තු මට්ටමේ සහ සංස්කෘතික සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම යන අරමුණු සහිතව කොරියානු සංචාරකයින් සඳහා වීසා පහසුකම් සැපයීම සම්බන්ධ කරුණු කෙරෙහි ද සාකච්ඡා කෙරුණා.

සාකච්ඡාවලින් අනතුරුව, දූත පිරිස පාර්ලිමේන්තු සංකීර්ණයේ චාරිකාවක නිරත වූ අතර පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ පිහිටි ජය ශ්‍රී මහා බෝධියට මල් පූජා කිරීමට ද කථානායක ගැලරියේ සිට පාර්ලිමේන්තු සභාගර්භයේ කටයුතු නිරීක්ෂණය කිරීම ද
එක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු අනතුරින් 4ක් එළොව යයි
00:39
Video thumbnail
මෙන්න හොරට තෙල් අදින හැටි..අර්බුදයක් එන එක අහන්න දෙයක්ද ?
00:37
Video thumbnail
ඉදිරියේදී බරපතළ විදුලි කප්පාදුවක් ?මම කියන්නේ පට්ටපල් බොරු නෙවෙයි
04:35
Video thumbnail
කොහොමද තෙල් වලට දෙන ෂොට් එක..මිනිස්සු පෝළිම්වල දුක් විදිනවා..අර්බුදයක් එන එක අහන්න දෙයක්ද ?
01:07
Video thumbnail
Ambulance එකක් ත්‍රීවිල් එකක වැ# සිදුවූ අනතුර..ත්‍රීවිල් රියදුරු එතනම එළොව ගිහින්
01:10
Video thumbnail
ඉන්නේ අමු ගො#න් මී කට්ටියක්..ගො#න් බස් දෙසන්නේ..හරින් කට උත්තර නැතිවෙන්න ග#පු හින්ට් එක
04:21
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22