ගල්ගමුව, පාලුකඩවල මංසන්ධිය අසල පිහිටා තිබූ කොමඩු සහ එළවළු අලෙවි සැලකට අද (01) අලුයම, වන අලියෙක් පහරදීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයෙක් බරපතල තුවාල ලබා තිබෙනවා.
මෙලෙස වන අලි ප්රහාරයට ලක්ව ඇත්තේ එම ස්තානයේ දීර්ඝ කාලයක සිට කොමඩු සහ එළවළු අලෙවි කිරීමේ පියපුතු දෙපළක් බවයි වාර්තා වන්නේ.
එම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 54 හැවිරිදි පුද්ගලයෙක්.
එමෙන්ම සිද්ධියෙන් තුවාල ලැබූ 18 හැවිරිදි පුත්රයා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.













