AFC Banner
Empty Ad
Empty Ad

කොන්ක්‍රීට් ස්ලැබ් එකකින් ඇද වැටී පාසල් සිසුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

නිවසක කොන්ක්‍රීට් ස්ලැබ් එකකින් පහළට ඇද වැටී පාසල් සිසුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඊයේ (22) රාත්‍රියේ පස්සර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෙවර අ.පො.ස. සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි සිසුවෙක් බව සඳහන්.

මෙම සිසුවා පාඩම් කිරීම සඳහා ඊයේ (22) රාත්‍රියේ සිය නිවස ආසන්නයේ සිටි මිතුරෙකුගේ නිවසකට ගොස් ඇති බවයි දැනගන්නට ලැබුණේ.

එහිදී මෙම සිසුවා මුත්‍රා කිරීම සඳහා මිතුරාගේ නිවසේ උඩුමහලේ කොන්ක්‍රීට් ස්ලැබ් එකට ගොස් ඇති අතර, එම අවස්ථාවේ ඉන් බිමට ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

බිමට ඇද වැටීමෙන් බරපතල තත්ත්වයේ පසු වූ සිසුවා රතිකාර සඳහා පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගිය සිසුවා රබර්වත්ත, මැදවෙලගම, පස්සර ලිපිනයේ පදිංචි දර්ශන විදුරංග නැමැති අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
1
+1
2
+1
40
+1
9
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?