මිතුරාට කළ අවවාදය දෙපිටින් ගිය හැටි

මිතුරන් අතර ඇති වූ ආරවුලකින් මැණික් කටුව අසළින් අත වෙන්වන ලෙස එල්ල කරන ලද කඩු පහරකින් බරපතළ ලෙස තුවාල ලැබූ පුද්ගලයෙකු ලුනාව රෝහල වෙත ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර රෝහලටත්, ඉන් අනතුරුව කොළඹ මහා රෝහල වෙතත් ඇතුළත් කර ඇතැයි මොරටුව පොලීසිය පවසනවා.

මොරටුව පොලිස් බල ප්‍රදේශයේ ලුනාවේ පිහිටි රතු කුරුස මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

එල්ල කරන ලද කඩු පහරෙන් ඔහුගේ නාසය ද බරපතළ ලෙස තුවාල වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ලුනාව දුම්රිය මාර්ගය ආසන්නයේ මිතුරන් සිව් දෙනෙකු එකතුව මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදී එක් මිතුරෙකු ඔහුගේ පියා සමග බහින්බස් වී ඇති අතර “තාත්තාට එහෙම කතා කරන්න එපා” යැයි තුවාල ලැබූ පුද්ගලයා ඔහුගේ මිතුරාට පවසා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම අවවාදයට උරණ වූ මිතුරා කඩුවක් ද රැගෙනවිත් සිය සගයාට පහර දී තිබෙනවා.

එහිදී තුවාල ලැබූ පුද්ගලයා දුම්රිය මාර්ගය ආසන්නයේ සිට මහල් නිවාස සංකීර්ණය දෙසට පැමිණ ඇති අතර මාර්ගය පුරා රුධිරය විසිර තිබෙන අයුරුයි දක්නට ලැබී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 24 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව අපරාධ අංශයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39