කොත්මලේ වේල්ල පිළිබඳ පැතිර ගිය කතා ගැන ජනපතිගේ අවදානය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වාරි මාර්ගවලට සිදුව තිබෙන හානිය සොයා බැලීම සහ ඊට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඊට අදාළ වගකිව යුතු නිලධාරීන් සමඟ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් අද (08) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් වුණා.

අයහපත් කාලගුණය හේතුවෙන් කොත්මලේ ජලාශය සම්බන්ධව රට තුළ පැනනැඟුණු විවිධ මත සම්බන්ධව මෙහිදී ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසා සිටි අතර, ඉතිහාසයේ වැඩිම ජල ප්‍රමාණයක් පසුගිය 27 වැනිදා කොත්මලේ ජලාශයට ලැබුණු බවත්, එම නිසා කොත්මලේ වේල්ල ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සාම්ප්‍රදායික ක්‍රමයට අනුව විද්‍යාත්මක ලෙස වාන් දොරටු විවෘත කළ බවත් මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නා.

නුරවරඑළිය දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 4,700කට හානි සිදුව තිබෙන බවත් පෙන්වා දුන් නිලධාරීන්, අක්කර 500ක් හැර සෙසු කුඹුරු මහ කන්නය වගා කළ හැකි බවත් සඳහන් කළා.

නුවරඑළිය දිස්ත්‍රික්කය ජල ගැලීම්වලින් යටවීමට හේතුව සොයා බැලූ ජනාධිපතිවරයා, අනවසර ඉදිකිරිම්, ඇළ මාර්ග පටුවීම සහ ග්‍රෙගරි වැවේ සොරොව්ව විශාල නොකිරීම බවත් මෙහිදී නිලධාරීන් පෙන්වා දුන් අතර, ග්‍රෙගරි වැව සම්බන්ධ අධීක්ෂණය සහ තාක්ෂණික සේවාවන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරා ආර්ථික ක්‍රියාකාරකම් නගර සභාව සමඟ ගිවිසුමකට එළැඹෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
0
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනන්ද පාලිතට නහුතෙටම තදවෙලා ගිවිසුම් ඉරා දමයි..මුන්ට හෙ# ග#න්න ඕනි..මුන්ව හිරේ දාන්න ඕනි නැද්ද..
05:01
Video thumbnail
සිලින්ඩරයක් උස්සන් ආ අපිලාගේ සාදු ආණ්ඩුව සැරටම අමතයි
02:57
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්නලා විමල් ජනපතිට රිදෙන්නම දෙයි
10:16
Video thumbnail
චමින්දට නහුතෙටම තදවෙයි - ඇමතිලා හිරේ දාන්න..හිරිකිතයක් නැතුව පරණ ඉන්ධන, ගෑස් වැඩි මිලට විකුණනවා..
07:06
Video thumbnail
විදුලි සේවකයින් "මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"..100%ක් විදුලිබිල වැඩි කරන්න වෙයි
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45