කොටි සංවිධානය ප්‍රර්වර්ධනය වන අයුරින් ගීත ගැයූ කිලිනොච්චියේ තරුණයෙක් අත්අඩංගුවට

පසුගිය 31 වැනිදා චාවකච්චේරිය පොලිස් වසමේ නාවක්කුලි ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකදී තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ප්‍රර්වර්ධනය වන අයුරින් ගීත ගායනා කල බවට, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමක් සිදු වන බවට ලද තොරතුරක් අනුව යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම ගීත ගායනය සිදු කිරීම සම්බන්ධයෙන් උදයනගර්, කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක් වන පුද්ගලයෙකු පෙරේදා (02) දින අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශනයේදී මොහු විසින් ඉහත දින පැවැති සංගීත ප්‍රසංගයේදී ගායනා කරන ලද ගීත දෙකක් මොහුගේ සමාජ මාධ්‍ය ගිණුමක එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය වන ලෙස යම් ආකාරයකට සංස්කරණය කර, ඔහු විසින්ම ගීතය හඬ කවා ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ උඩුගත කර ඔහු විසින් ප්‍රචාරය කිරීමට ඉඩ සලස්වා ඇති බව අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

මෙය 1978 අංක 48 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 3 උ වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් සැකකරු ඊයේ (03) දින චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වන දින දක්වා රක්ෂිතබන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26