කොටහේන සිසුවියගේ සිද්ධියට සම්බන්ධ ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

කොටහේන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ, අනුව සිද්ධියට අදාළ ගුරුවරයා ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදුකෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවද එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

එමෙන්ම මෙම සිදුවීමේදී යම් පාර්ශ්වයක් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?