කොග්ගල දී දුම්රියේ ගැටුණු බස් රථය අද විශේෂ පරීක්ෂාවකට

කොග්ගල ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක දී ඊයේ (25) පස්වරුවේ දුම්රියක ගැටුණු බස් රථය, අද (26) දිනයේ මෝටර් රථ පරීක්ෂකවරයෙකු විසින් පරීක්ෂාවට ලක් කිරීමට නියමිතව තිබෙනවා.

අවශ්‍ය වුවහොත්, මෙම බස් රථය රජයේ විශ්ලේෂක වෙත යොමු කිරීමට ද ඉඩ පවතිනවා.

දුම්රිය පැමිණෙන බවට අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මකව තිබියදීත්, බස් රථය දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීම හේතුවෙන් බස් රථය අනතුර ලක්ව තිබුණා.

මෙම අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු 40 හැවිරිදි බස් රථ රියදුරු සහ 21 හැවිරිදි රිය සහායක අද (26) දින අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොග්ගල පිහිටි මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය නැරඹීමට ගොස් ආපසු එමින් සිටි උපකාරක පංති සිසුන් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස සීඝ්‍රගාමී දුම්රියක ගැටී මෙලෙඅ අනතුරට ලක්ව තිබුණා.

අනතුරින් සිසුන් ඇතුළු 12 දෙනෙක් තුවාල ලබා උණවටුන සහ කරාපිටිය යන රෝහල් වෙත ඇතුළත් කෙරුණා.