කෙහෙල්බද්දර පද්මෙට පාස්පෝට් හැදූ ආගමන හා විගමන සහකාර පාලක ඇතුළු තිදෙනාට ඇප

මේ වනවිට විදේශ ගතව සඟව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ නමැති අපරාධකරුට විදේශ ගමන් බලපත්‍ර දෙකක් සකස්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහරින ලෙස අධිකරණය අද (06) නියම කරනු ලැබුවා.

ඒ, අනුව සැකකරුවන් රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමටයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළා.

ඊට අමතරව ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයේ තබන ලෙසට ද සැකකරුවන්ට නියෝග කර සිටියා.

ඒ, අනුව මෙම නඩුව ලබන නොවැම්බර් මස 13 වනදා යළි කැඳවීමට නියම වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03
Video thumbnail
දුමින්ද, විජයපාල ඇතුළු SLFP කාන්තා පෙරමුණ සංවිධානය කල පිංකම් මාලාව
02:55
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05
Video thumbnail
සම්බුදු තෙමඟුල සිහිකරමින් තොටලඟ වර්ණවත් කරන්න සූදානම් වෙන තොරණ් රාජයා
01:29
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08