spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුසල් පෙරේරා ඇතුළු සගයන් කිහිපදෙනෙක් පොලිසියට?

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා පොලිස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් පොලිස් නිලධාරියෙකු වශයෙන් කටයුතු කිරීමට සූදානමින් සිටින බවට වාර්තා වේ.


ඒ අනුව ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් වශයෙන් බඳවා ගැනීමේ සුදානමක් ඇති බවට ද වැඩිදුරටත් වාර්තා වේ.2009 වසරේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට යොමු වන කුසල් එතැන් පටන් මේ දක්වා අදාළ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩා කිරීම විශේෂත්වයක් විය.


කුසල් සමගින් චාමර සිල්වා, තිලකරත්න සම්පත්, කිත්රුවන් විතානගේ ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම පොලිස් ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා පොලිසියට එක්වීමේ සූදානමක් ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

ගයාශාන් විතානආරච්චි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
63
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?