කුඹුරු අක්කර 400ක් විනාස මුඛයේ – ජනපතිගේ උපදෙස්වත් ක්‍රියාත්මක වී නැහැ

වාරි නිර්මිතයන් නිසි කළට අළුත්වැඩියා සහ නඩත්තු කටයුතු නොකිරීම හේතුවෙන් ඉදිරි මාස් කන්නයේදී තම කුඹුරු වලට ජලය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව කරුවලගස්වැව ,නීලබැම්ම ව්‍යාපාරයේ ඔට්ටුකුලම ගොවීන් සදහන් කරනවා.

නීලබැම්ම ව්‍යාපාරයෙන් පෝෂණය වන ඔට්ටුපල්ලම වැව යටතේ කුඹුරු අක්කර 400 ක් පමණ යල – මහ දෙකන්නයේ වගා කිරීම සිදු කරනු ලබනවා.

නීලබැම්ම ව්‍යාපාරය යටතේ කලාඔයෙන් ජලය සැපයෙන නිසා නියං සමයේ වුවත් වසරේ කන්න දෙකම වගා කටයුතු සිදු කළ හැකි බව එම ගොවීන් සදහන් කරනවා.

ඊට අමතරව අතර මැදි කන්න වලදී මෙම කුඹුරු යාය වල අතිරේක භෝග වගා කිරීමටද ගොවීන් කටයුතු කරනු ලබනවා.

වර්ෂා කාලයේදී ඇති වන ගංවතුර තර්ජනය හේතුවෙන් අවස්ථා කීපයකදීම ඔට්ටුපල්ලම වැවෙන් ජලය කුඹුරු කරා ගෙන යන ජල නිර්මිත වලට හානි සිදුවී තිබෙනවා.

සුළු වශයෙන් සිදුවන හානි නියමිත වේලවට අළුත්වැඩියා කිරීමට බලධාරීන් කටයුතු නොකිරීමේ වන්දිය වර්තමානයේදී තමන්ට ගෙවීමට සිදුවී ඇති බවද ඔට්ටුපල්ලම ගොවීන් සදහන් කරනවා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අප සමග කරුණු දැක්වූ නීලබැම්ම ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති  ඩී.එම්.සෙනවිරත්න මහතා මෙසේ පවසා සිටියා,

“වාරි පද්ධතියේ ඇති වන සුළු සුළු අබලන්වීම් ගොවි සංවිධානය විසින් වාරි මාර්ග නිලධාරීන්ගේ උපදෙස් මත පසුගිය කාලය තුළ සිදු කරණු ලැබුවා.

නමුත් ලොකු වැඩ අපිට කරන්න හැකියාවක් නැහැ.

මොකද ඒ තරම් ආර්ථික ශක්තියක් අපේ සංවිධානයට නැහැ.

පසුගිය දවසක කරුවලගස්වැව දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති “ගම සමග පිළිසදරක්” වැඩ සටහනේදීද අපි මේ බව කියා සිටියා.

එම අවස්ථාවේදී ජනාධිපතිවරයා වාරි මාර්ග නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා කටයුතු කරන ලෙසයි.

නමුත් වැඩේ මේ වන තුරු සිද්ධ වෙලා නැහැ.නිලධාරීන්ගෙන් අහන කොට කියන්නේ ඇස්තමේන්තු හදලා යවලා තියෙන්නේ ප්‍රතිපාදන තවම වෙන් වෙලා නැහැ කියලයි.

මේ දවස් වල අපිට පොහොර සහ වල් නාශක සොයා ගන්නත් නැහැ. ඒ නිසා අපි කළ යුතු වන්නේ ජලය බැදලා වල් නසා වගා කටයුතු ආරම්භ කිරීමයි.

නමුත් පවතින තත්ත්වය අනුව අපිට කුඹුරු ටික අස්වද්දන බැරි වෙන තත්ත්වයක් මෙදා කන්නයේ තියෙන්නේ.

අපි නිලධාරීන්ට චෝදනා කරනවා නෙමෙයි.අපි කියන්නේ අපේ ඇල වේලි ටික හදලා දෙන්න කියන කාරණය පමණයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34