කුඩු සලිදුගේ පෙත්සම ජුනි මස 21 කැඳවීමට නියම වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින කුඩු සලිදුගේ නැමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ජුනි මස 21 කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කලා.

මෙම පෙත්සම අද අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවනු ලැබුවා.

පෙත්සමේ සඳහන්ව තිබෙන්නේ මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින කුඩු සලිදුගේ නැමැත්තා ගේ ජීවිතයට දැඩි අවධානම් සහගත තත්වයක් මතුව ඇති බව යි.

එබැවින් ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කරන මෙන් එමගින් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !