කිලිනොච්චියේ ඉන්ධන හලක පිහි හරඹයකින් සිව්දෙනෙක් රෝහලේ

කිලිනොච්චි නගරයේ ඉන්ධන පිරවුම්හලක ඊයේ (10) රාත්‍රී 08ට පමණ ඇති වූ ගැටුමක් අතරතුර සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයන් සිව්දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ටිපර් රථයකට ඉන්ධන පිරවීමට පැමිණි පුද්ගලයෙකුට ඉන්ධන පිරවීමෙන් පසු එම වාහනය ඉදිරියට ගෙන යන ලෙස සේවකයා ඉල්ලා සිට ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිදු වූ බහිබස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ටිපර් රථ රියදුරු, තවත් පුද්ගලයන් පස් දෙනෙක් සමඟ පැමිණ ඉන්ධන පිරවුම්හලේ සිටි පිරිසකට පිහියෙන් ඇන පහර දී තිබෙනවා.

එලෙස පහරකෑමට ලක්වූ පිරිස අතර ඉන්ධන පිරවුම්හලේ හිමිකරු, කළමනාකරු, සේවකයෙක් සහ පාරිභෝගිකයෙක්‌ ද වන බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් තුවාල ලැබූ සිව්දෙනා රෝහල් ගත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20