කිරි සප්පයා ව ප්‍රාණ ඇපයට ගෙන මවක් සමූහ දූෂණය කළ සැකකරුවන් අල්ලයි

මව් කිරි බොන වයසෙහි පසුවන මවකගේ බිළිඳෙකු ව ප්‍රාණ ඇපයට ගෙන එම මව සමූහ දූෂණයකට ලක් කිරීමේ සාහසික පුවතක් වාර්තා වී තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ පූගොඩ ප්‍රදේශයෙන්.

තරුණ වයසෙහි පසුවන්නන් තිදෙනෙකු විසින් ඇය විසින් සිය දරුවාට කිරිදෙමින් සිටියදී, බලෙන් උදුරාගෙන, එම දරුවා ව ප්‍රාණ ඇපයට තබා ගනිමින්, ඇයව බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ මවගේ විරෝධය එල්ල වීමේදීත්, ඇයට සාහසිකයින් තර්ජනය කර ඇත්තේ, කියන දේ නොකරන්නේ නම්, දරුවා ව පොළොවේ ගසා මරා දමන බවටයි.

කෙසේවෙතත් මෙම සිදුවීමෙන් පූගොඩ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත අදාළ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කෙරුණා.

එහි ප්‍රතිඵලයක් ලෙසයි වයස අවුරුදු 21 සහ 23 යන වයසෙහි පසුවන සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් ව අත් අඩංගුවට ගැනුණේ.

සෙසු සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වනවිට පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
2
+1
6
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50
Video thumbnail
චාමර සම්පත් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:57
Video thumbnail
විදේශිකයන් සෙට් එකක් ලංකාවට ඇවිත් කළ දැවැන්ත මාර්ගගත වංචාවක් කොටුකළ මෙහෙයුම
04:12
Video thumbnail
පාර්ලිමේන්තුව හෙට වහනවා - හදිසි තීරණයක් ගනී
03:06
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල වැඩිවීමක් - පරණ ෂොපින් භාවිතා කරන්න වෙයි
08:41