spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කිරි සප්පයා ව ප්‍රාණ ඇපයට ගෙන මවක් සමූහ දූෂණය කළ සැකකරුවන් අල්ලයි

මව් කිරි බොන වයසෙහි පසුවන මවකගේ බිළිඳෙකු ව ප්‍රාණ ඇපයට ගෙන එම මව සමූහ දූෂණයකට ලක් කිරීමේ සාහසික පුවතක් වාර්තා වී තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ පූගොඩ ප්‍රදේශයෙන්.

තරුණ වයසෙහි පසුවන්නන් තිදෙනෙකු විසින් ඇය විසින් සිය දරුවාට කිරිදෙමින් සිටියදී, බලෙන් උදුරාගෙන, එම දරුවා ව ප්‍රාණ ඇපයට තබා ගනිමින්, ඇයව බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ මවගේ විරෝධය එල්ල වීමේදීත්, ඇයට සාහසිකයින් තර්ජනය කර ඇත්තේ, කියන දේ නොකරන්නේ නම්, දරුවා ව පොළොවේ ගසා මරා දමන බවටයි.

කෙසේවෙතත් මෙම සිදුවීමෙන් පූගොඩ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත අදාළ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කෙරුණා.

එහි ප්‍රතිඵලයක් ලෙසයි වයස අවුරුදු 21 සහ 23 යන වයසෙහි පසුවන සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් ව අත් අඩංගුවට ගැනුණේ.

සෙසු සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වනවිට පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
2
+1
6
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?