කිඹුලෙක් ඩැහැගෙන ගොස් දරුවෙකු අතුරුදන්

කැලණි ගං තොටුපොළේ දියනෑමට ගිය දරුවෙක් කිඹුලෙකු ඩැහැගෙන ගොස් අතුරුදන්ව ඇති බව කඩුවෙල පොලීසිය පවසනවා.

කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 11ක දරුවෙක් මෙලෙස ඊයේ (16) අතුරුදහන්ව ඇති බවයි තොරතුරු වර්තා වුණේ.

පොලීසිය, ප්‍රදේශවාසීන් සහ නාවික හමුදාවේ කිමිදුම් නිලධාරීන් එක්ව අතුරුදන් වූ දරුවා සෙවීමේ කටයුතුවල නිරත වනවා.